ශී‍්‍ර ලංකාවට ඓතිහාසික ජයක්

එංගලන්තය සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 01ට 0ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා. ඒ, ඊයේ අවසන් වු දෙවැනි තරගය ලකුණු සියයකින් ජය ගනිමින්. කිසියම් කණ්ඩායමක් ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ලකුණු සියයකින් ජයගත් ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ද මෙය වනවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 257ක් පමණයි. දෙවැනි ඉනිමේ දී ඔවුන් ලකුණු 457ක් ලබා ගත්තා. එංගලන්ත පළමු ඉනිම ලකුණු 265යි. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දෙවැනි ඉනිමේදී ඔවුන් ලබාගත යුතු වු ලකුණු සංඛ්‍යාව 350ක්.

එහෙත් සියලූ දෙනා දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 249ක් පමණයි. සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කළ මොයින් අලී පන්දු 281කදී ලකුණු 108ක් ලබා ගත්තා.

ඒ සඳහා ඔහු වැය කළ කාලය මිනිත්තු 385ක්. එය පිතිකරු ලැයිස්තුවේ අංක 07 පිතිකරුවෙකු ටෙස්ට් ක‍්‍රිකට් තරගයක පිටියේ රැඳි සිටි වැඩිම කාලය ද වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ ශ‍්‍රී ලංකාවේ අර්ජුන රණතුංගයි.

ඊයේ තරගය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායමේ කඩුළු 05ක් දැවී ගොස් තිබුණා. ඒ වන විට ඔවුන් ලබාගෙන සිටියේ ද ලකුණු 57ක් පමණයි. එහෙත් 06 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු වාර 30කට වැඩි සංඛ්‍යාවක් කී‍්‍රඩා කරමින් ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගීමට මොයින් අලී සමග ජෝ රූට් සමත්වුණා.

10384587_777300578967818_8076276697508206593_n

අංක 11 පිතිකරුවා ලෙස පැමිණි ජේම්ස් ඇන්ඩර්සන් ද පැය එකහාමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳි සිටීම විශේෂත්වයක්. ඒ අනුව අවසන් කඩුල්ල දවා ගැනිමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දුවාර 20කට වැඩි ගණනක් ගතවුණා. එම කඩුල්ල බිඳවැටුණේ තරගයේ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේදියි.

ඒ වන විට ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 55කට මුහුණ දී සිටි අතර එහෙත් ඔහු කිසිඳු ලකුණක් ලබාගෙන සිටියේ නැහැ. ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කිසියම් ක‍්‍රීඩකයෙකු ලකුණූ නොලබා දැවි ගිය අවස්ථාවක මුහුණ දී තිබු දෙවැනි වැඩිම පන්දු සංඛ්‍යාව ද මෙයයි.

මෙම තරගයේ දී එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම කඩුළු ලාභියා වුයේ ධම්මික ප‍්‍රසාද් ඔහු ලකුණු 50කට කඩුළු 05ක් දවාගත්තා. ඊට අමතරව රංගන හේරත් ලකුණු 59කට කඩුළු 03යි.

10463970_766389853413100_9155913182506091484_n

තිරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස්. තරගාවලියේ වීරයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ ජේම්ස් ඇන්ඩර්සන් සම සම්මාන දිනාගත්තා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...