ශ්‍රී ලංකන් ගුවන් යානයක් අකරතැබ්බයක

ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට ආසන්නව තිබියදී අද අලූයම මෙම අනතුර සිදුව තිබේ.

කෙසේවෙතත් වෙනත් කිසිදු ගැටලූවකින් තොරව යානය අලූයම 5.20ට පමණ ගොඩබැස්වීමට හැකි වූ බවද දීපාල් වී. පෙරේරා මහතා පවසා සිටියි.

ගුවන් යානයේ මගීන් 195 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 16 දෙනෙකු ගමන් කර ඇත. කිසිදු මගියෙකුට හානියක් සිදුනොවූ බවද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකාරවරයා පවසා තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...