14.8 C
London
Friday, May 23, 2025
spot_img

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 25,000ක්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව හෙළිවී තිබේ.

ගුවන් සේවකයෙකු වෙනුවෙන් සමාගම මාසිකව වියදම් කරන මුදල 166,722/-ක් වන නිසා සමාගමට මාසිකව ලැබෙනා ලාභයක් නොමැති බවයි සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සේවකයන් 6,523ක් සිටියද තවමත් සේවක හිඟයක් තිබෙන බවද ඔහු පවසා ඇත.

මෙම අලාභයන් වලට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මේ වනවිට ඩොලර් මිලියන 230ක් හෙවත් රුපියක් මිලියන 30,000ක ණය මුදලක් ගෙවීමට තිබේ.

ඒවායින් කෙටිකාලීන ණය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ද, බැංකු අයිරාව ඩොලර් මිලියන 50ක් ලෙසද, මධ්‍යකාලීන ණය ඩොලර් මිලියන 140ක් ලෙසද තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ක්වාලම්පූර් සිට කොළඹ බලා පියාසර කළ ගුවන් යානයක් සිංගප්පූරුවට ගෙන්වාගැනීම මෙම අලාභයට එකතු වෙනවාදැයි රවී කරුණානායක මංත්‍රීවරයා විසින් ගුවන් සේවා ඇමතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමෙන් විමර්ශනයක් සිදුකරන බවද ඔහු පවසා තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles