12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

‘ශ්‍රී ලංකා රජයට අවංක උත්සාහයක් නැහැ’

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පරීක්ෂා කර බැලීමට රජය අවංක උත්සාහයක් නොදරන බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති හියුගෝ ස්වයර් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර බ්‍රැඩ් ඇඩම්ස් මේ බව කියා සිටියේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක්
එල්ල වී ඇති චෝදනා ඉදිරියේ ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන ආකාරයේ ප්‍රධාන වෙනසක් සිදු නොවුන හොත්, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබා ගැනීම සඳහා දරන උත්සාහයට නායකත්වය දීමේ ස්ථාවරයක බ්‍රිතාන්‍ය රජය සිටින බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට බ්‍රිතාන්‍යය සහභාගී වීම තුළින් ශ්‍රී ලංකාවට ඇති කළ බලපෑම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

බ්‍රහස්පතින්දා මෙම හමුව පැවැත්වුණේ රාජ්‍ය නොවන සංවිධාන වලට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් බොහෝ විවේචන එල්ල වෙද්දී.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර බ්‍රැඩ් ඇඩම්ස් සමඟ තිසර රතුවිතාන කළ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.

BBC

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles