ශ්‍රී ලංකාවේ හුසේන් ජෙෆ්රි ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

0
99

ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පී හුසේන් ජෙෆ්රි ලෝක ප්‍රකට ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන අවසන් වූ ග්‍රැමී සම්මාන උළෙලේදී හුසේන් ජෙෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම එම සම්මානය දිනා ගත්තේ ස්ටෙපින්ග් අවුට් නමැති හොඳම පොප් වාද්‍ය ගීත ඇල්බමය වෙනුවෙනි.

හුසේන් ෆෙජ්රි ජාත්‍යන්තර සංගීතයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හූස්ටන්, යානි සහ ඩියෝන් වර්වික් සමග සංගීත වැඩසටහන්වලට ද සම්බන්ධ වී තිබේ.

ඔහු 1989 දී කැලිෆෝනියා සංගීත ආයතනයෙන් උපාධියක් ද හිමි කර ගත්තේය.

newsfirst