Saturday , 7 September 2024

ෂාන්-ගීතා ප්‍රසිද්ධියේ ගහගනිති, රුවන්ගෙන්-රන්ජන්ට කැපිල්ලක්, ප්‍රසන්න හා සටනට හිරුණිකා

බස්නාහිර සහ දකුණු පළාත් සභා මහ ඇමැති අපේක්‍ෂකයන් තේරීමේදී ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේද අභ්‍යන්තර අර්බුද රැසක් මතුවී තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුවේ මහ ඇමැති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් පවතී.

මේ වන විට දෙපාර්ශ්වය වෙනුවෙන්ම මැතිවරණ කටයුතුවල යෙදීමට ඇමැතිවරුන්ද දෙපිලකට බෙදී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම එම පිරිස මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේද මෙවර මහ ඇමැති ධුරය කොළඹ දිස්ත්‍රික්කයට හිමිවන බව පවසමිනි.

එසේම ආණ්ඩුවේ දකුණු පළාත් සභා මහ ඇමැති අපේක්‍ෂකත්වය සඳහා හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා සහ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය අතර ගැටුමක් හටගෙන තිබේ. හිටපු මහ ඇමැතිවරයාට එරෙහිව දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රසිද්ධියේ පවසන්නේ තමන් මෙවර දකුණු පළාත් මහ ඇමැති තනතුරට පත්වීම අනිවාර්ය බවයි. ඊට ආණ්ඩුවේ ඉහළ පෙළේ සහයෝගය තමන්ට ලැබෙන බවද ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ බස්නාහිර මහ ඇමැති අපේක්‍ෂක ධුරයට රන්ජන් රාමනායක මහතා තේරීමට එම පක්‍ෂයේ නායකත්ව මණ්ඩලය කැමැත්ත පළකර ඇතත් ඊට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතාගේ දැඩි අකැමැත්ත පළවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළහොත් ඔහුට ඉහළ මනාප ප්‍රමාණයක් ලැබීම රුවන් විජයවර්ධන මන්ත්‍රිවරයාගේ අනාගත දේශපාලන පැවැත්මට අවාසිදායක වීම මීට හේතුවී තිබේ.

mawbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...