Saturday , 7 September 2024

ශ්‍රී ලංකා පි‍ලේ වේගපන්දු යවන්නන් හමුවේ පාකිස්තානය අසරණ වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය තමන් ඩුබායි තණතිල්‍ලේ ඉතා ශක්තිමත් බව පෙන්නුම් කරමින් ඊයේ 08 ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩා පිටියේදී දවෛන ටෙස්ට් තරගයේ මුල් දිනයේ ප්‍රබල හිසරදයක් වූයේ ප්‍රබල පාකිස්ථානය ලකුණු 127 ක් තුළ කඩුලු 6 ක් බිඳදැමූ හෙයිනි.

ඊයේ තරගයට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තවත් වේග පන්දු යවන්නකු ලෙස නුවන් ප්‍රදීප් ක්‍රීඩාවේ යෙදුනේ පිට දග පන්දු යැවූ සචිත්‍ර සේනානායකගේ මංගල ටෙස්ට් තරගයෙන් පසු ඉවත් කරමිනි. මෙම ආදේශය නිවැරදි බව සනාථ කරමින් පාකිස්තානයට මුලින් පන්දුවට ආරාධනා කිරීමෙන් පසුව ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් ලකුණු 3 ට 10 වන ඕවරයේදී දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වූයේ ශේෂාඩ් සංයමයෙන් පන්දුවට පහර දුන්නද නුවන් හමුවේ පන්දු 27 කට මුහුණ දෙමින් පසුව ක්‍රීඩාගාරයට යැව්වේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

මොහොමඩ් හෆීස් ආරම්භක පිතිකරු කුරාම් මන්සූර් හොඳින් ඉනිම ගොඩනැගූ අතර දිවා ආහාරය වන විට කඩුලු එකකට ලකුණු 57 ක් පමණක් ලබා පාකිස්තානය ලොකු ලකුණු ප්‍රමාණයක් කරා යන බව පෙන්වීය. එවිට මන්සූර් ලකුණු 36 ක්ද, හෆීස් ලකුණු 13 ක්ද ලබා තිබුණු අතර ශ්‍රී ලංකා පිලෙන් තරමක් අසීරු උඩපන්දු කීපයක් අත්හැරීම පාඩුවක් වනු ඇත. එම තත්ත්වය තවත් උද්ගත වූයේ සිලිප් ස්ථානයේ සිටි මහේල ජයවර්ධන පන්දුව රැකගැනීමට යෑමේදී සුලඟිල්‍ලේ පන්දුව වැදීමෙන් ආබාධයකට හසුව ක්‍රීඩාගාරයට ඒමට සිදුවීමයි.

කෙසේ වෙතත් දිවා භෝජනයෙන් පසුව ශ්‍රී ලංකා වේගපන්දු යමන්නෝ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ අතර මුල් පෙල කඩුලු එක පිට එක වැටෙන්නට වීම විශේෂ විය. 28 වන ඕවරයේදී එනම් දිවා විවේකයෙන් ඕවර් 3 කට පසුව නුවන් ප්‍රදීප් නැවතත් ක්‍රියාත්මක වීම හෆීස් ලකුණු 21 කට කෙළින්ම පන්දුව වැදීමෙන් දැවීගිය අතර වැදගත්ම කඩුලු දෙක ලෙස පසුව තරගයේ ශතක ලාභීන් වුණු යූනුෂ් කාන් ලකුණු 13 කත්, මිෂ්භා උල් හක් එක් ලකුණකටත් දවාගැනීමට ශාමින්ද එරංග සමත්වීම කැපී පෙනුණි. කරීම් මන්සූර් තරමක සාර්ථක පිතිහරඹයක යෙදෙමින් තම අර්ඵඵධ ශතකය සම්පූර්ණ කළ අතර පස්වන කඩුල්ල ලෙස ලක්මාල් හමුවේ දැවී ගියේ හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් ලබා කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධන වෙත උඩපන්දුවක් දෙමිනි. අශාන් සාෆික් ගේ කඩුල්ල ඉක්මනින් දවාගැනීමට ලක්මාල් සමත් වූයේ මුළු ලකුණු ගණන 27 ක්ව තිබිය දීය. දෙවන කඩුල්ලට පමණක් හෆීස් සහ මන්සූර් ලකුණු පන්දු 108 න් ලකුණු 50 ක් වාර්තා කළ අතර අනෙක් කඩුලුවලට සම්බන්ධතා දැමීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

තේ පානයට තරගය නතර කරන විට පාකිස්තානු පි‍ලේ ලකුණු 128 ට කඩුලු 6 ක් ලබා තිබුණු අතර එවිට ඕවර් 52 ක් තුළ රංගන හේරත් යවා තිබුණේ ඕවර් 7 ක් පමණි. පාකිස්තානු පි‍ලේ එකම වෙනස ලෙස ආබාධයට ලක්ව ගිය අද්නන් අක්මාල් වෙනුවට කණ්ඩායම ඊයේ සෆ්රාස් අහමඩ් කැදවා තිබුණි. අද තරගයේ දෙවන දිනයයි.
ඡායාරූප – ඉෂාර එස්. කොඩිකාර
ධම්මික රත්නවීර ඩුබායි සිට

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...