12.6 C
London
Thursday, May 15, 2025
spot_img

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ඇමති දූ පුතුන්, මාධ්‍යයවේදින් හා කලාකරුවන්

පසුගිය මධ්‍යම හා වයඹ පලාත් සභා වලට ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දරනා දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කළ අතර එම හේතුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද උග්‍ර විය.

ඊයේ රාත්‍රී බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුවා හැරීම නිසා ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද කලින් මෙන් දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කරනු ලබයි. මේ වන විට මෙම ඡන්ද විමසීම් සදහා ඉදිරිපත් වන නවක මුහුණු දෙස කවුරුත් බලා සිටින්නේ කුමන ඇමති පුතුන් මෙවර කොටි ගණන් වියදම් කිරීමට ඉදිරිපත් වේදැයි බැලීමටය.

මෙම මැතිවරණයේ ඇති විශේෂත්වය නම් දේශපාලන ඥාතීන්ට අමතරව නළු නිළියන් රාශියක් හා මාධ්‍යවේදීන්ද රාශියක් තරඟ කිරීමයි. ඔවුන්ගේ විස්තර එකතුවක් පහතින්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සොනාල් වෙල්ගම
ජීවන් කුමාරතුංග ගේ දියණිය මල්ෂා කුමාරතුංග
ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුත් පසිඳු යාපා අබේගුණවර්ධන
පියසේන ගමගේ ගේ පුත් රන්දිම ගමගේ
නැසී ගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ පුත් කාංචන විජේසේකර
විජිත්විජිතමුණි සොයිසා අමාත්‍යවරයාගේ පුතු
මන්ත්‍රී නන්ද ගුණසිංහ ගේ පුත් තිසර ගුණසිංහ


එක්සත් ජාතික පක්ෂය

නැසීගිය ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන
හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාර
හිටපු ඇමති රූපා කරුණාතිලකගේ පුත් සංජීව කරුණාතිලක
මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති

මාධ්‍යයවේදින්
සිරස මාධ්‍යය ජාලයේ සුසාර දිනාල් (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
සිරස මාධ්‍යය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුසිල් කිඳෙල්පිටිය (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)
සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානි එස්.එම් මරික්කාර් (එක්සත් ජාතික පක්ෂය)
බුද්ධික වික්‍රමාදර (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
මව්බිම පුවත්පතේ රුවන්ති කාරියවසම් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)

කලාකරුවන්
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ජගත් බෙනරගම
රවීන්ද්‍ර යසස්

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ගීතා කුමාරසිංහ
අනර්කලී ආකර්ෂා
මධු මාධව අරවින්ද
ගයේෂා පෙරේරා

එක්සත් ජාතික පක්ෂය
නදීෂා හේමමාලි
බෙනට් රත්නායකගේ පුත් උදාර රත්නායක

මැතිවරණ උණුසුම ආරම්භ වීමටත් මත්තෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු තම ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ පොදු ජනතාව නොමග යවන සුළු දැන්වීමක් තුලිනි. එනම් මංගල සමරවී— ගම්පහට ලෙස පෝස්ටරයක් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවා තිබේ. එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ මංගල සමරවීර නැවතත් ආණ්ඩුවට එක්ව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට යන බවක් වුවත් එම අපේක්ෂකයාගේ අරමුණ වී ඇත්තේ හුදු ජනප්‍රිය නමක ජනප්‍රියත්වය ලබා ගැනීමටය. එලෙස ජනප්‍රිය වීමට යන පුද්ගලයා කවුරුන්ද යන්න දැනටමත් අනාවරණය වී තිබේ. ඔහු කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු නමින් මංගල සමරවික්‍රම වේ.

www.33000.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles