16 C
London
Thursday, November 13, 2025
spot_img

වෙළෙඳපොළේ නව රූපවාහිනීයක්

-ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූලව, දේශීයත්වය අගයමින් ලංකාවට General Tv හඳුන්වා දුන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව STC General Tv නමින් නැවතත් LED නව රූපවාහිනී යන්ත්‍රයක් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. පසුගියදා සංස්ථා පරිශ්‍රයේ දී මෙම රූපවාහිනී යන්ත්‍රය වෙළෙඳපොළට හඳුන්වා දීම සිදු කරනු ලැබීය.
දශක ගණනාවක් පුරා‍ රාජ්‍ය ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් පාරිභෝගිකයන්ගේ මිල ස්ථායීකරණය කරන ආයතනයක් වශයෙන් STC ආයතනය, රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ පාරිභෝගිකයන් අතර ද ප්‍රචලිත වී තිබේ.
ඒ අනුව පා‍රිභෝගිකයන් වෙත සහන ලබා දීමේ තවත් එක් පියවරක් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ උපදේශකත්වය යටතේ මෙම රූපවාහිනී යන්ත්‍රය ‍පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදී.
STC General LED රූපවාහිනී යන්ත්‍රය, කොළඹ, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, යාපනය, නාරාහේන්පි‍ට, මාතර ඇතුළු සියලු ම STC ප්‍රදර්ශනාගාර තුළින් දැන් ලබා ගත හැකිය.
එසේම රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ මිලක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව ද පවතී. තවද STC General LED රූපවාහිනී යන්ත්‍රය සඳහා වසර 2ක STC වගකීම් සහතිකය ද සහිත වේ. රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ චමින්ද බස්නායක මහතා, සාමාන්‍යාධිකාරී පැරකුම් විජේරත්න, ඇතුළු ආයතන කළමනාකාරීත්වය හා Nevorp Corporation ආයතනයේ සභාපතිතුමන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles