16 C
London
Thursday, November 13, 2025
spot_img

වසර 4කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්වූ හැඩකාර වැඩකාරයා (VIDEO)

මයිකල් ක්ලාර්ක් ආබාධයකට ලක් වීම ත් සමග ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට පවරා තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ, ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ස්ටීවන් ස්මිත් නායකත්වයට පත් කළ බව ය.

ඊයේ නිමාවූ ඉන්දියාව සමග පැවති පළමු තරගයේ ලාබාලතම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා වූයේ, ස්ටීවන් ස්මිත් ය.

25 හැවිරිදි ස්මිත් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට එක් වූයේ, 2010 වසරේදී ය.

වසර 4ක වැනි කෙටි කලක් තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යය ඔහු ලද්දේ, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සිය කණ්ඩායමට කළ මෙහෙවර අතිවිශාල වන හෙයිනි.

එම වසර 4 තුළදී ටෙස්ට් තරග 23කට එක්වූ ස්ටීවන් ස්මිත් 1749ක් රැස් කර ඇත්තේ, 46.02 ක සාමාන්‍යයක් වාර්තා කරමිනි.

ඔහු තමන් දක්ෂ සහ විශ්වසනීය පිතිකරුවෙකු ද යන වග ඉන්දියාව සමග ඊයේ නිමවූ පළමු ටෙස්ට් තරගයේදී ත් තහවුරු කළේ ය.

සීමිත පන්දු වාර තරගවලදී ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඔහු ඊයේ නිමවූ තරගයේදී පළමු ඉනිමේදී නොදැවී ලකුණු 162ක් මෙන් ම දෙවන ඉනිමේදී ද නොදැවී ලකුණු 52ක් රැස් කිරීම ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ඔහුගේ දක්ෂතාව මනාව තහවුරු කිරීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ස්ටීවන් ස්මිත් ආලෝකයක් විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles