කරාපිටිය ජස්ටින් කන්ද ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙභෙයුමක් ඇරඹෙයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු 40 දෙනෙක් මෙභෙයුමට එක්ව සිටිති. ඊට අමතරව පොලිස් නිලධාරීන් 140 දෙනෙකු මේවන විට මෙභෙයුමේ නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙභෙයුම ක්‍රියාත්මක වන කරාපිටිය ජස්ටින් කන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නිවාස සංඛ්‍යාව 75 ක්. ඒවා කේන්ද්‍ර කරගෙනයි සෝදිසි මෙභෙයුම සිදුවන්නේ. ඒ ගාල්ල මහේස්ත‍්‍රාත්වරයාගේ වරෙන්තුවකට අනුවයි අපරාධ කරුවන් සහ මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයන් එම ගම්මානයේ කුඩු, ගංජා සහ ආයුධ සඟවා ඇතැයි පොලිසිය සැකකරනවා. ඒ අනුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට මෙභෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Check Also
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...
සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි
මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...