9.7 C
London
Sunday, December 7, 2025
spot_img

පාවෙන අවිගබඩාවක්(VIDEO)

-‘පාවෙන අවිගබඩාවක්‘ ගාල්ල වරායේ තිබෙන බවට ලැබුණු ආරංචිය අනුව ඊයේ (18) සවස පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය නි‍වේදනය කරයි. පොලිසිය පවසන්නේ මහනුවර නමැති ටග් යාත්‍රාවක තිබූ වා සැකැසු කන්ටේනර 20ක මේ අවිගබඩාව පත්වාගෙන ගිය බවයි. එහි තිබූ කන්ටේනර් දෙකක් සේවකයන්ගේ නවාතැන් පිණිස භාවිතා කැර ඇති අතර එහි ඇති අවි මොනවාදැයි පොලීසිය කිසිවක් තවමත් පවසා නැත. ඇවන්ගාර්ඩ් නමැති සමාගමක් විසින් මේ අවි ගබඩාව පවත්වාගෙන යයි.
එම සමාගම විසින් පොලිසියට පවසා ඇත්තේ සෝමාලියා කොල්ලකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ යාත්‍රාකරන නැව්වලට ආරක්ෂාව සපයන ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන්ට මෙම අවිගබඩාව මගින් සේවා පහසුකම් සැපයූ බවයි. එවැනි ජාත්‍යන්තර ආරක්ෂක ඒකක ගාල්ල වරාය සිය සේවා ස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. ඔවුන්ගේ අවි තාවකාලිකව එහි ගබඩා කර තිබූ බවත් වරින් වර ඒ ආයුධ ආරක්ෂක අංශය සතු නැව්වලට සැපයීම සහ නැවත ගෙනවිත් ගබඩා කැර ගැනීම සිදුකළේ මේ ගබඩාවේ බව සමාගම පොලිසියට දැනුම් දී ඇත.

පොලිසිය පවසන්නේ පෞද්ගලික සමාගම මේ අවි ගබඩාව ආරම්භ කිරීමට පෙර නාවික හමුදාව එම කාර්යය කැර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි. පොලිසිය පවසන්නේ අවිගබඩාව සතු සමාගම සහ අවි ගබඩාව රාජ්‍ය ආරක්ෂක අංශයේ ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ ලේඛන පරීක්ෂා කරන බවයි. මේ අවි ගබඩාවේ ඇති ආයුධ නැව්වලට ගෙන යාම හා නැවත ගෙන ඒමේ දී ඒවා ප්‍රවාහනය කිරීම නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක්කැර ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

නියෝජ්‍ය පොලිස්පති ඒ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා කියා සිටියේ විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවයි.

පොලිසිය පවසන්‍නේ විමර්ශන අවසන්වීමෙන් පසු අවිගබඩාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles