ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ බැතිමතුන්ගේ වන්දනාමානයට නිරාවරණ කෙරේ.
වසර ගණනාවක් පුරා ඉන්දියානු ශිල්පීන් විසින් නිම කළ රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 30 වැනි දා පස්වරුවේ නිරාවරණ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.
එය,කුරුණෑගල මොණරාගල රම්බඩගල්ල විහාර පරිශ්‍රයේ නිමවා තිබේ.බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව පැවැත්වූයේ ද ජනාධිපතිවරයා ය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද,මැති ඇමතතිවරුන් ද,ප්‍රදේශවාසින් ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.
කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස නිරාවරණය විය.
මෙම පිළිම වහන්සේගේ වැඩ අවසන් කිරීමට වසර 13ක් ගත විය. පිළිම වහන්සේගේ උස අඩි 67 අඟල් 05කි. ලොව විශාලතම සමාධි පිළිමයක් ලෙස මෙය සැලකේ.
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ එගඩමුල්ලේ අමරමෝහි මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිම වහන්සේ නිර්මාණය කැරිණි.
ඉන්දියාවේ මුත්තයියා ස්ථපති මෙම පිළිමය නෙළීමේ ප්‍රධාන ශිල්පියා වූ අතර ඇෆ්ඝනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසු ඒ හා සමාන පිළිමයක් නෙළීමේ අදහස අමරමෝලි හිමියන්ට පහළවී ඇත.







