දේශීය නිෂ්පාදනය කරන ලද අරක්කු බෝතලයක උඩරට සම්ප‍්‍රදායික නැටුම් ශිල්පියකුගේ හා බෙරවාදන ශිල්පියකුගේ රූපය යොදාගැනීම පිළිබදව නර්තන ශිල්පිහු දැඩි විරෝධය හා අප‍්‍රසාදය පළකරති.
උඩරට නැටුම් ශිල්පියා යනු දේශිය සංස්කෘතියේ අනන්‍යතාවය රැකගැනිම පිණිස භාවිත කළ යුතු වුවක් මිස මෙවැනි දේට භාවිතයෙන් සම්ප‍්‍රදාය කෙලසා ඇති බවත් ප‍්‍රවීන නර්තන ශිල්පි නිශාන්ත රම්පිටිය මහතා පවසයි.
මේ පිළිබදව සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත්වීම අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි. අරක්කු බෝතලයකට මෙම රුව යොදා ගැනීමට තරම් රටේ සංස්කෘතිය හා සදාචාරය පිරිහි ඇති බව ද ඔහු චෝදනා කර සිටියි.
මතට තිත කියමින් ආණ්ඩුව විසින් මත්උවදුර නැති කිරිමට කටයුතු යොදන වැඩසටහන් ක‍්‍රියාත්මක කළද මෙවැනි දේ සිදුවීම ඉතාම කණගාටුදායක බවත් රටේ ඕනැම විශේෂ අවස්ථාවක මෙම නැටුම් ශිල්පින් පෙරමුණේ තබා කටයුතු කරන අතර බෞද්ධායගේ මුදුන් මල්කඩ වන දළදා පෙරහර ඇතුළු දේශිය උත්සව අවස්ථාවන්වලදි නැටුම් ශිල්පින් මෙන්ම බෙරවාදන ශිල්පින් යොදා ගැනේ. අරක්කු බෝතලයකට මෙම ශිල්පි රුව යොදාගැනීම සමස්ත කලා පරපුරටම කළ නිග‍්‍රහයක් බව කලාකරුවෝ පවසති.
(මහේෂ් තිලකරත්න-මාතලේ)
Rivira.lk