Wednesday , 22 January 2025

සිසුවා මැරුවේ ප්‍රේම සම්බන්ධයක් නිසා ?

කොළඹගේආර ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් නැමැති ශිෂ්‍යයා ගෙළ කපා ඝාතනය කර ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් නිසා බවට පොලිසිය සැක පළ කරනවා.

තේක්ක කැලයක තිබී සිසුවාගේ මළසිරුර පොලිසිය විසින් ඊයේ (15) සොයා ගනු ලැබුවා.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර අතර දෙදෙනකු අවුරුදු 17 සහ 21 යන වයස්වල පසුවනවා.

මේ පිළිබඳ අත්අඩංගුවට ගෙන ඇති රෝද රථයේ තිබී ලේ පැල්ලමක්‌ සහ මිරිස්‌ කුඩු තොගයක් ද සොයාගෙන තිබෙනවා.

සිසුවා පන්ති නිමවී එමින් සිටියදී ත්‍රිරෝද රථයෙන් පැමිණි සැකකරුවන් ත්‍රීරෝද රථයට නංවාගෙන ඝාතනය කර ඇතැයි සැක පළ වී තිබෙනවා.

ත්‍රි රෝද රථය මිරිස්වැල්‍පොත ප්‍රදේශයේ පිහිටි කලුමූකලාන වෙල්යායේ දොළ පහරකින් සෝදා ඇතැයිද ‍සඳහන් වනවා.

‍මළ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර 300 ක් පමණ දුරින් සිසුවා පන්ති රැගෙන ගිය ෆයිල් කවරයක්ද, ජංගම දුරකථන ආවරණයට යොදා ගන්නා ප්ලාස්ටික් කවරයේ කොටසක්ද ‍පොලිසිය විසින් සොයා ගනු ලැබුවා

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...