අද පැවැත්වෙන මැයි රැලි අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියට අත්වැරදීමක් සිදුව තිබෙනවා. ඒ ඇය සන්ධාන මැයි පෙලපාලිය වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙලපාලියට පැමිණ සිටීමයි.ඒ අත්වැරදීමක් සිදුවීම හේතුවෙන්.මේ සම්බන්ධයෙන් ඇයගෙන් මාධ්‍යවේදීන් සිදුකල ප‍්‍රශ්න කිරීමකදී ඇය පැවසුවේ තමන්ට අත්වැරදීමක් සිදුවූ බවයි. එහෙත් එවැන්නක් සිදුවීම දේශපාලනයට යහපත් ප‍්‍රවණතාවයක් බවද ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

