-පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරදි පුවතක් පළ කළැයි ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයට බාල වයස්කාර දරුවකු යොදා ගත්තැයි රදළියගොඩ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ බවත් එවැන්නක් සිදු නොවූ බවත් පොලිසිය අධිකරණයට පවසා ඇත. පසුගිය 5 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රදළියගොඩගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක්ද පනවනු ලැබීය.