13.1 C
London
Sunday, December 7, 2025
spot_img

සුමනා ගෝමස්ගෙන් තරුණ යුවතියන්ට ලබා දෙන අලුත්ම යූ ටියුබ් වැඩේ මෙන්න.

සුමනා ගෝමස් සිය ජායාරූප හා චිත්‍රපට ඇතුළත් කර වෙබ් අඩවියක් ආරම්භ කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. එය ලව් සුමනා ඩොට් කොම් (www.lovesumana.com) ලෙස නම්කර තිබෙනවා.

තමාගේ ජායාරූප වලට රසිකයන් ගෙන් තවමත් වැඩි ඉල්ලුමක් ඇති බව කියන සුමනා, තම වෙබ් අඩවියෙන් ඒවා ලබා ගැනීමට හැකියාව ලබාදී ඇති බව ඇය තවදුරටත් පවසනවා.

එසේම යුවතියන්ට සිය වෙබ් අඩවිය හරහා වේශ නිරූපන ශිල්පියකුගේ සහය නොමැතිව රුව ලස්සන කර ගැනීමේ උපදෙස් ලබාදීමට සූදානම් වන බවද ඇය පවසනවා.

සුමනා එය සිදුකරනු ලැබුවේ මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමටත් පෙර සිට බවද ඇය මාධ්‍යට පවසා තිබෙනවා. යූ ටියුබ් හරහා මුහුණ අලංකාර කර ගැනීමට තමා මසකට වරක් උපදෙස් ලබාදුන් බවද පවසන සුමනා එම වීඩියෝව මේ වන විට 2,147ක් නරඹා ඇතැයිද ඇය පවසනවා.

සුමනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි අතර ඇය එලෙස ලංකාවට පැමිණියේ වසර 11කට පමණ පසුවයි. ඇය චෙරියෝ සාජන්ට් නාට්‍ය පෙන්වීමට ඇමරිකාවට යාමෙන් පසුව එහි නතර වුණා.

පසුව ඇය සාත්තුසේවිකාවක් ලෙස එහි සේවය කළ බවද පැවසෙනවා.
මේ වන විට ඇය ඉතාලි ජාතිකයකු වන ග්‍රෙගරි ට්‍රොලන් ටොලියෝ සමග විවාහ වී සිටිනවා.

සුමනාගේ සැමියා ස්ටැටන් අයිලන්ඩ් හි බෙලිසිමන් රෝහලේ ප‍්‍රධාන සූපවේදියා බව පැවසෙනවා. කෙසේ වුවද සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා පෙනී සිට තිබෙනවා.

දෙහිවලදී උපන් සුමනා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කරගම්පිටිය බෞද්ධ පාසලෙනි. නර්තන ශිල්පිනියක් ලෙස කේෂත්‍රයට පිවිසි සුමනා මුල් කාලයේදී තරු 4-5 හෝටල්වල නර්තන ශිල්පියක ලෙස කටයුතු කර තිබෙනවා.

http://www.youtube.com/watch?v=vYI56-Rs_ic#t=66

 

ඇය චිත්‍රපට 30කට හා ටෙලි නාට්‍ය 4කටද වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට නිළියක් ලෙස දායක වී තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles