ලංකාවේ ගෑණු තමුන්ගේ මිනිහට වැඩිය මහින්දට ආසයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙන ඒම සදහා විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම දරන උත්සාහය පිළිබද ජනප‍්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා රාවය පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.ඔහු ඒ පිළිබද පල කල සම්පූර්ණ අදහස් පහතින්.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට භූමිකාවක් තියෙනවාද?

රාජපක්ෂව ආපහු ගේන්න හදන්නේ පීනන්න වතුර නැති සෙට් එකක්. උන්ට වතුර නැහැ පීනන්න. රාජපක්ෂ නාවොත් උන් මැරෙනවා. අනිත් අතට මහින්ද රාජපක්ෂටත් පීනන්න වතුර නැහැ. විරවංසලාගේ වතුර හිඳුණු මඩවළේ රාජපක්ෂත් පීනන් වතුර හොයනවා. රාජපක්ෂ සමග සිටි අයට හරක්ට කන්න සල්ලි ‍තියෙනවා. ඒවා වැරදි විදහට හොයපුවා. ඒකනේ නැවත නැවත මරාගෙන මැරෙන්න එන්නේත ඒ වැඩපිළිවෙළට ඉඩදිය යුතු නැහැ. ඡන්දෙට දන්සල් දුන්නු ඇමති කෙනෙක්ගෙ ගෝලයෙක් මට කිව්වා දවසට පන්දාහ ගානේ අමතිතුමාගෙ දන්සැලෙන් කන්න ආවා කියලා. මං කිව්වා ඒකෙන්ම මිනිස්සුන්ගේ අසරණකම පේනවා කියලා. ඇමරිකාවේ එංගලන්තෙ ඡන්දේ තියෙනකොට රටේ එවුන් ඒ රටේ පාලකයන්ගේ ගෙවල්වලින් කන්න යනවද?අරක්කු බොන්න යනවද? මේවා අසරණකමේ ප්‍රශ්න. අරුන් දුන්නේ අල්ලස්. එහෙම සෙට් එකක් රටේ පාලනයට ගැළපෙන්නේ නැහැ.

ගම්වල ගෑනු උදවිය මහින්ද රාජපක්ෂට කැමති මොකද?

උන්ගේ බ්‍රේන්වොෂ් කරලනේ තියෙන්නේ‍ මෙයා තමයි මිනිහා කියලා. තමුන්ගේ මිනිහා වැඩ කරලා, නැහිලා, ගඳ ගහගෙන හවසට ගෙදර එනවා. අර මිනිහා ඉටි රූපේ වගේ ඉන්නකොට මෙකක් හරි මේ අයට හිතෙනවා ඇති. හැබැයි ඔය බොඩි ලැන්ග්වේඡ් එකෙන් රටක් පාලනය කරන්න බැහැ. ඒකට ඕනේ මොළේ. ඒත් එක්කම කැපවී හා අවංක බව.

ජනාධිපතිවරණයට කළින් දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොල්ලෙක් අඬනවා දැකලා සුනිල්‍ට දුක හිතුනු බව කියා තිබුණා. අයෙත් කොල්ලන්ට අඬන්න වෙන එකක් නැද්ද?

එහෙම කියන්න බැහැ. උන්ට තාම ටොෆියක් හම්බවුණා විතරයි. තරුණයන්ට රටේ ජීවත්වෙන්න පුළුවන් පාර්ගයක් ඇතිකරන තුරු, උන්ට ඒ ගැන විශ්වාසයක් ඇති කරනතුරු කොල්ලන්ට අඬන්න වෙනවා. ඒ වගකීම කරටගත් ජන සමාජයන් අපට ඕනේ.

වැරදිකරුවෝ හිරේ යවන්න එපා කියලා උද්ඝෝෂණය කරන ජනතාවක් ඉන්නව රටක් මේක. ඒ ඇයි?

ජනතාවට වරදක් කියන්න එපා. දේශපාලනඥයෙක් හොරකම් කරපු සල්ලිවලින් බොධියක්හදලා දුන්නම මෙතුමා නිවන් දකින්න ඕන කියන සංඝයා වහන්සේලා ඉන්න රටක්නේ මේක. ජනතාවත් තමන්ට ලැබුණු පුංචි දෙයක් වෙනුවෙන් වෙන්න ඇති ඔය හොර බේරන්න කියලා උද්ඝෝෂණ කරන්නේ. දැන් ඔය ඇවන්ඩ් ගාඩ් ගොයියා දාපු ඇඩ්වටීන්ස්මන්ට් කොහොමද? එතන ලොකු වරදක් වෙලා තියෙන නිසා නේද උදව් ගත්තයි කියන අයගේ වොයිස් කට් දදා ඔච්චර නහින්න හදන්නේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...