13.1 C
London
Friday, November 14, 2025
spot_img

මෝදිගේ පරිගණක විශේෂඥයාත් ජනපති මහින්දට සහය දෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමාජ ජාල මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණයට සම්බන්ධ වූ පරිගණක විශේෂඥවරයෙකු සම්බන්ධ වී ඇතැයි වාර්තා වේ.

මෙම පරිගණක විශේෂඥවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ පරිගණක ප්‍රධානියා වන අතර ඊට අමතරව නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණයේ සමාජ ජාල ප්‍රචාරක කටයුතු සිදු කර ඇත්තේද මොහු විසිනි.

මේවන විට පරිගණක විශේෂඥ අරවින්ද ගුප්තා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙරටට පැමිණ වැඩකටයුතු ආරම්භ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා තමන්ට හිරිහැරයන් බවත් මේ කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස අරගෙන ඇති බවත් අරවින්ද ගුප්තා මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නම් හෙළිකල නොහැකි බවත් නමුත් පරිගණක විශේෂඥයින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධව කටයුතු කරන බවත්ය.

පරිගණක විශේෂඥ අරවින්ද ගුප්තා මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත් එහිදී කිසිදු දේශපාලන සංවිධානයකින් තමන් හමු නොවූ බවත්ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles