-ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්‌වී එම මන්ත්‍රී ධුරය තමාට දෙන බවට කලින් පොරොන්දු වුවත් දැන් එය කඩකරමින් සිටින බවත් එහෙත් මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඔහු ඉදිරියේ දනින් වැටීමට තමා සූදානම් නැති බවත් එම පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇති අතර තමාට මන්ත්‍රී ධුරය හිමිවීම වැළැක්‌වීමට උපදෙස් දෙන අපි පත්කරපු ආණ්‌ඩුවේ කුහක ඇමැතිවරුන් කිහිපදෙනකු ඉන්නා බවත් ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධුරය නැවත ලබාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ බව කී ඒ මහතා දැන් එය මඟහරින්නේ කුමන හේතුවක් නිසාදැයි තමා නොදන්නා බවත් එම සාකච්ඡාවේදී පවසා සිටින ලදී.
