14.9 C
London
Friday, April 25, 2025
spot_img

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට පරීක්ෂණයක්

-දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිඛෙනවා. ඊයේ වව්නියාවේදී පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.සම්බන්ධන් සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ට අපහස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සහ කටයුතු කිරීම හේතුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විය යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිඛෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සාමාජිකයින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවටද යෝජනාවක් සම්මත කර ගත් බවයි. පක්ෂයේ සමගියට බාධා වන අයුරින් හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද මෙම රැස්වීමේදී තීරණය කර තිඛෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles