12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සරසවි සමීක්ෂණයකින්ඡන්ද ජය

කොළඹ විශ්ව විද්යාලයේ සමීක්ෂණයෙන් මෛත්රිට 53% යි.
කැළණිය විශ්ව විද්යාලයේ සමීක්ෂණයෙන් මහින්දට 53% යි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයෙන් 53% ප්රතිශතයක් ලබා ගත හැකිබව කැළණිය විශ්ව විද්යාලයේ ජනසන්නිවේදන අංශයෙන් කරන ලද සමීක්ෂණයෙන් හෙලි වී ඇත.
එමෙන්ම කොළඹ විශ්ව විද්යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් කළ සමීක්ෂණයක ප්රතිඵල අනුව මෛත්රිපාල සිරිසේන මහතාට 53% ක ජන මතයක් දිනා ගත හැකි බව පවසන ලදී. එම සමීක්ෂණය සිංහල ජනතාව පමණක් අදාල කරගනිමින් පවත්වන ලදී. දෙමළ ජාතික සංවිධානයේ සහය මෛත්රිපාල සිරිසේන මහතාට හිමිවන බව මෙම සමීක්ෂණයේ ප්රතිඵල නිකුත් වන විට ද ප්රකාශ වී නොතිබිණි. එබැවින් මෙහිදී දෙමළ සහ මුස්ලිම් ඡන්ද ඡන්ද අපේක්ෂකයන් දෙදෙනා අතර සමව බෙදී යනු ඇතැයි සමීක්ෂණ කණ්ඩායම මඟින් උපකල්පනය කර ඇත. කොළඹ විශ්ව විද්යාලයේ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය එස්. ජයවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
කැළණිය විශ්ව විද්යාලයේ ජනසන්නිවේදන අංශ ප්රධාන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්රකාශ කර ඇත්තේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට 44% ප්රතිශතයක් හා අනෙකුත් අපේක්ෂකයන්ට 3% ක ප්රතිශතයක් ද හිමිවන බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි.
එම සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් ඡන්දදායකයින්ගෙන් 28% ක් මේ වන විටත් මෛත්රිපාල සිරිසේන මහතාට ඡන්දය දීමටතීරණය කර ඇති බවයි.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් තවත් 11% ක් මෙවර ඡන්දය දෙන්නේ කාහටදැයි තවමත් තීරණය කර නැති බවයි. කෙසේ වුවත් මෙම සමීක්ෂණයට අදාලව මෙවර ප්රථම වතාවට ඡන්ද ලබාදීමට සුදුසුකම් ලැබු ඡන්ද දායකයින් අතරින් 38% ක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීමට තීරණය කර ඇති අතර මෛත්රිපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡන්ද දායකයින් තවමත් කිසිදු ප්රධාන අපේක්ෂකයෙකුට ඡන්ද ලබා දීමට තීරණය කර නොමැති අතර මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්ද දායකයින්ගෙන් 13-15% ත් අතර ප්රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සනාථ කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles