ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩියි

මහජන මුදල් කාබාසිනියා නොකොට ජනතාව ගැන හිතන දේශපාලනඥයින් වැඩි පිරිසක් සිටින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එහෙත් වගකීම් විරහිත ලෙස මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලනඥයින්ද ඉතා අතළොස්සක් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ අද(12) අමාත්‍යංශයේ දී අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතා වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

ග්‍රේරු මන්ත්‍රීවරයාද ජනතාව ගැන වැඩියෙන් හිතන දේශපාලනඥයෙකු බව අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ හැමදාමත් මානව ප්‍රාග්ධනය අමතක කළ බවත්,නිපුණතා සංවර්ධනයට පවා සැලසුම් හදන්නට නොහැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තියෙන දේ පවත්වාගෙන යනන්නට හෝ මළගෙවල්වල යන්නට දේශපාලනඥයින් අවශ්‍ය නොවන බවත්,දේශපාලනඥයින් අනාගතවාදී විය යුතු බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...