Tag Archives: ceylon radio

වසීම් අක්‍රම් සහ මා අතර හොඳ ගැටුමක්‌ තිබුණා…

පන්දුවට පහර දෙන විට ඔහුගේ අවධානය සම්පූර්ණ තරගය දෙසට යොමු විය. එබැවින් දිනෙන් දින සාර්ථක ක්‍රිකට්‌ තරුවක්‌ වීමට අරවින්ද ද සිල්වාට හැකිවිය. ඔහු ක්‍රිකට්‌ දිවියෙන් සමුගන්නා විටද තවත් කළක්‌ ක්‍රිකට්‌ ගසන්නට තිබුණා යෑයි මෙරට ක්‍රිකට්‌ ලෝලීන්ගේ සිත්තුළට ඉබේම ඒත්තු ගැන්වීය. නමුත් අනාගත තරුවක්‌ උදෙසා සිය ස්‌ථානය දීම අරවින්දගේ පරම යුතුකම බැවින් දක්‍ෂතා අතර සිටියදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියට සමුදුන්නේය. ශ්‍රී ...

Read More »

ලොව කාමුකම වැසියන් සිටින රට බවට බ්‍රසීලය පත්වෙලා

ඇතැම් රටවලට ඒ ඒ රටවලට උරුම වූ ස්වභාවික සුන්දරත්වයක් පවතී. තවත් රටවලට උරුම වී තිබෙන්නේ ඒ ඒ රටවලටම අනන්‍ය වූ ඓතිහාසික පසුබිමකි. මේ අතර, අද වනවිට තවත් රටවලට ලොව කාමුකම වැසියන් ජීවත් වන රට බවට පත්වීමේ අවස්ථාවද උදාවී තිබේ. විවිධ රටවල කාන්තාවන් හා පිරිමින්ගේ හැඟීම් හා අදහස් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ. ඒ අනුව, පිරිමින්ගේ හැඟීම් ...

Read More »

බොදු බලයේ බදුලු රැස්වීම තහනම්

හාලිඇළ – පියල් කිත්සිරි උද්ඝෝෂණ, පෙළපාළි රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට සහ සිහළ රාවයට තහනම් කරමින් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය තහනම් නියෝගයක් නිකුත් කළාය. බදුල්ල පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර, විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක යන මහත්වරුන් ඊයේ (18දා) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බොදු බලසේනා හා සිහළ රාවය යන ...

Read More »

ඇමැතිවරුත් එක්ක පැල්මඬුල්ලේ වේදිකාවක් කඩාවැටෙයි

පැල්මඬුල්ල – ඉරෝක ගයන්ත පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති පැල්මඬුල්ල ප්‍රදේශයේ පුරනැඟුම මුල්ගල තැබීමේ උත්සවය සඳහා ඉදිකළ වේදිකාව ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන දල්වන අවස්ථාවේදී හදිසියේම කඩාවැටිණි. පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‍ෂ්මන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පැවැති මේ උත්සවයේදී සිදුවූ එර අනතුරින් කිසිවකුට හෝ තුවාල නොවූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදියකුගේ යතුරුපැදියට හානි ...

Read More »

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් බුදු දහම වැළඳ ගනී

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා බුදු දහම වැළඳ ගත්තේය. ඒ ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී ය. ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි ගගන් මලික් මහතා ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. පසුව ධාතු මන්දිරියට පැමිණි ගගන් මලික් මහතා පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි. මහා සංඝරත්නය ගගන් මලික් මහතාට පිරිත් සජ්ජයනා කොට ...

Read More »

ඉංගිරිසින් හමුවේ දළදා වහන්සේ රැකදුන් කිතුල්පේ කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)

වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ...

Read More »

විචිත්‍රවත් ක්‍රිකට්‌ සංස්‌කෘතිය

ඩොනල්ඩ් මැක්‌රේ එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කුමාර සංගක්‌කාර සසෙක්‌ස්‌ පිලට එරෙහිව පැවැති තරඟයේ අත් හැර දමන ලද දිනයේදී මට මුණගැසුණි. දැඩි සීතලක්‌ පරිසරය පුරා පැතිරී තිබුණි. සංගක්‌කාර ඩර්හම් ක්‍රීඩාගාරයෙන් ජම්පරයක්‌ ලබා ගත්තේය. අවට පැතිරී තිබුණ සීතල සමග වැස්‌සක්‌ ද වැටෙන්නට විය. නමුත් ඔහුගේ මුහුණේ සිනාව අතුරුදන් වුයේ නැත. මා සමග (ඩොනල්ඩ් මැක්‌රේ) කතාවට මුල පුරන විටත් ඔහුගේ ...

Read More »

දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති උඹ කොහොමද නළුවෙක් වෙන්නෙ කියා තාත්තාත් ඇහුවා – ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා

වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මැවූ විවිධාකාර චරිත හමුවේ ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය ප්‍රේක්ෂක විචාරක පැසසුම නොමදව දිනාගත්තේය. නිසඟ කුසලතාවය සේම රංගනය පිළිබඳ වූ මනා පරිචයකින් ද ‍පෝෂණය වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා මේ වන විට නව පරපුරට රංගනය පිළිබඳ දැනුම, අවබෝධයන් ලබා දෙන ආචාර්යවරයකු වී සිටියි. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව තුළින් මේ දිනවල අප හමුවට එන ප්‍රවීණ ...

Read More »

ජනපති සටනට සජිත්-රනිල් එක්වෙති

අනුරාධ සැමුවෙල් ලබන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකඟතාවක් ඇති කිරීමේ මෙහෙයුමක් දෙපාර්ශ්වයට සමීප ජේ‍යෂ්ඨයන් පිරිසක් ආරම්භ කර තිබේ. ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයන් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර, එම සාකච්ඡා එකඟතා කිහිපයක් ...

Read More »

යාපනයේදී හෝටලයකට ගුවන් යානයක් කඩා වැටෙයි

වවුනියාව – මාධව කුලසූරිය යාපනය, නගරයේ හෝටලයක් මතට පෙරේදා (03දා) කඩා වැටුණ කුඩා ගුවන් යානයක් යාපනය පොලිසිය වෙත භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කොට ඇත. යාපනය පොලිසිය පැවැසුවේ දුරකතන සමාගමක් සතු අදාළ කුඩා ගුවන් යානය දුරස්ථ පාලක මඟින් කොළඹ සිට යාපනය දක්වා රැගෙනවිත් ඇති අතර, දුරස්ථ පාලකයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ගුවන් යානය යාපනය නගරයට ගොඩ බස්වා ඇති බවයි. රජයේ ආරක්‍ෂක ...

Read More »