ටීචර් කොල්ලව අරන් පනින්න හදයි

පීසා දෙන්නම් හොඳට සලකන්නම් අම්මට තාත්තට හොරෙන් එන්නැයි පවසා පාසල නිමවී තම නිවස කරා යමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකු තම යතුරු පැදියේ නංවාගෙන (පැහැරගෙන) පලා යැමට තැත් කළ බව කියන 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ මීගමු පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රdනී හංස නමැති 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය මගින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවා මීගමුව මංකුලිය ශාන්ත අන්තෝනි විදුහලේ 7 වසර පංතියේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි පසිඳු චමෝ නමැත්තෙකි.

මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම විශ්‍රාමික ගුරුවරියට (සැකකාරියට) සිසුවා හදිසියේ මීගමුව වැල්ලේදී හමුවී හදිසි මිතුදමක්‌ ගොඩ නගාගෙන ඇත. පසුව සැකකාරිය සිසුවාගේ දුරකථන අංකය ලබා ගෙන ඇත.

මෙම සැකකාරිය 21 වැනි බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් සිසුවාට කතා කොට පසුදින ඔහු කැඳවාගෙන යැමට පැමිණෙන බවත් සිසුවාට හොඳට සලකන බවත් පවසා සිසුවාට දෙමාපියන් නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. සිසුවාට අනතුරක සේයාවක්‌ ඇතැයි සැකකිරීම නිසා තමාට සැකකාරිය දුන් පණිවුඩය සිය දෙමාපියන්ට දැනුම් දී ඇත.

පසුව සැකකාරිය කොතලාවල පාලම අසලට පැමිණ සිසුවා තම යතුරු පැදියේ නංවාගෙන පලායැමට තැත් කළ අවස්‌ථාවේ දෙමාපියන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සැකකාරිය අල්ලා පොලිසියට භාරදී ඇත.

(උපුටාගැනීම : දිවයින පුවත්පත​)

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...