ඇමතිධූර දහයක පුටු හිස්.

ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා නියෝජ්ය ඇමතිවරුන් පිරිසක් විපක්ෂයට එකතු වීම හේතුවෙන් කැබිනට් ඇමතිධූර 5 ක් සහ නියෝජ්ය ඇමතිධුර 5 ක් පුරප්පාඩු වී ඇත. රාවුෆ් හකීම් මහතාගේ ඉවත් වීමෙන් අධිකරණ හා නීතී ප්රතිසංස්කරණ අමාත්යධූරය ද, පාඨලි චම්පික රණවක මහතාගේ මහතාගේ ඉවත් වීමෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්යධූරය ද, බසීර් සේගු දාවුද් මහතාගේ ඉවත්වීමෙන් ඵලදායිතා ප්රවර්ධන අමාත්යධූරය ද, නවීන් දිසානායක මහතාගේ ඉවත්වීමෙන් රාජ්ය කළමණාකරණ ප්රතිසංස්කරණ අමාත්යධූරය ද, දුමින්ද දිසානායක මහතාගේ ඉවත්වීමෙන් අධ්යාපන සේවා ඇමතිධූරය ද පුරප්පාඩු වී ඇත.
තිස්ස අත්තනායක මහතා පත්කර ඇත්තේ මෛත්රිපාල සිරිසේන මහතාගෙන් පුරප්පාඩු වූ සෞඛ්ය අමාත්යධූරය සඳහා ය. ඉතිරි කැබිනට් අමාත්යධූර 5 ට මෙතෙක් පත්වීම් ලබා දී නොමැත.
මේ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්ය අමාත්යධූරය ද, උසස් අධ්යාපන නියෝජ්ය අමාත්යධූරය ද, ආයෝජන පුවර්ධන නියෝජ්ය අමාත්යධුරය ද, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්ය අමාත්යධූරය ද, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්ය අමාත්යධූරය ද තවමත් පුරප්පාඩු වී පවතී.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...