11.3 C
London
Friday, May 16, 2025
spot_img

අත්භූත පවුලක් ගමක් කළඹයි

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටිති.

දිවා කාලයේදී සහ රාත‍්‍රී කාලයන්හි මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දැක ඇති ගම්වාසීන් රැුසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කර තිබේ. නමුත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිගින් දිගටම ප‍්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන් දැඩි භීතියට පත්ව පවුල් රැුසක් ගම හැරදා ගොස් තිබේ.

පහුගිය දවසක් මහ දවල් මම කුඹුරට වතුර හරවන්න ගියා. එකපාරටම වෙල් යාය මැද ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කුඩා දරුවෙකුයි මතු වුණා. තත්ත්පර දෙක තුනකින් එ් තුන්දෙනා නොපෙනී ගියා. මම වටපිට බැලූවත් එ් අය හොයා ගන්න බැරිවුණා යැයි අද්භූත තිදෙනා දැක බියට පත් වූ රාජපක්ෂගම පදිංචි එම්.ජී ඉන්ද්‍රාවතී මහත්මිය පැවසුවාය.

මස් මාංස අනුභව නොකරන කිසිදා හොල්මන් අවතාර විශ්වාස නොකරන මධ්‍යම රාති‍්‍රයේ පවා කුඹුරට වතුර හැරවීමට යන ඇය මෙම අත්භූත පුද්ගලයින් දැකීමෙන් පසු රෝගාතුරව සිටී. ඇගේ දෙපා හේතුවක් නොමැතිව නිය පහර කිහිපයකින් තුවාල වී තිබෙන ආකාරයද ඇය පෙන්නුවාය.

අද්භුත සිදුවීම්වලට මුහුණ දුන් කිහිපදෙනෙකුම බියට පත්වී රෝගාතුර වී ශාන්තිකර්ම සිදු කර තිබෙන අතර අද්භූත සිදුවීම් සිදුවන බව කියන රාජපක්ෂගම වෙල්යායකට යකැදුරන් ගෙන්වා ශාන්ති කර්මයක් සිදු කිරීමටද ගම්වාසීන් කටයුතු කළ බව තුලාන භාර ග‍්‍රාම නිලධාරී අශෝක ධර්මකීර්ති මහතා පැවසුවේය.

ගම හැර යා නොහැකි ගම්වාසීන් සවස් වන විට දැඩි බියකින් නිවෙස්වලට වී සිටින බවද ගම්වාසීහු පැවසූහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles