12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

බ්‍රිතාන්‍යයේදී කෲර ලෙස තවීෂ පීරිස් මරා දැමූ වරදකරුගේ අභියාචනය ඉවත දමයි.

-බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ්හිදී ඝාතනයට ලක්වූ තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 23ක සිර දඬුවමකට ලක්වූ කාසිම් අහමඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ වී තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, කාසිම් අහමඩ් නමැත්තා තවීෂ පීරිස් ඝාතනය කිරීමේ සිද්ධිය දරුණු අපරාධයක් නොවන බවට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බව ය.

kasimඑහෙයින් වරදකරුට ලබා දුන් සිර දඬුවම් කාලය කෙටි කරන ලෙසට ඉන් ඉල්ලීමක් කර තිබිණි.

එහෙත්, ෂෙෆීල්ඩ් අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් එම අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත.

25 හැවිරිදි තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා ඝාතනය කළ බවට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුණයෙකු වන කාසිම් අහමඩ් නමැති ඩාර්නෝල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ෂෙෆීල්ඩ් රාජකීය අධිකරණ‍ය හමුවේ වරද පිළිගෙන තිබිණි.

එම ඝාතනය සිදු කර තිබුණේ, 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දිනකදී ය.

මෙම ඝාතනය සිදුකළ දිනයේ ඔහු තවත් කොල්ලකෑම් දෙකක් සිදු කළ බව ද අධිකරණයේදී හෙළි විය.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශකයෙකු බවට පත්වීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උපාධියක් ද හදාරා ඇති තවීෂ ලකිඳු පීරිස් ඝාතනයට ලක්වන විට පීට්සා බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිට තිබිණි.

තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටි ඔහු ඝාතනයට ලක්වූයේ, සිය අවසන් පීට්සා බෙදීමට ගිය අවස්ථාවේදී ය.

25 හැවිරිදි තවීෂ, බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ, සැපවත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අරමුණිනි.

m
කාසිම් අහමඩ්

SOURCE: The Star

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles