ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රති ඇණිගත කිරීමේ වැඩසටහන යටතේගෙන්වනු ලබන නවතම එයාර්බස් 330-300 ගුවන් යානාවන් හි දෙවැනි ගුවන් යානය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය. මෙම නවතම ගුවන් යානය “The City of Sihagiri” ලෙස නම්කර ඇති අතර එය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාව සතුව අති නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසුවද, උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත් ය. මේ අනුව, ගුවන් සමාගමේ දැනට පවතින එයාර්බස් ගුවන් යානා ඇණියට මෙම නවතම ගුවන් යානාව එකතු වේ.
මෙය ද්විත්ව රෝල්ස් රොයිස් ට්රෙන්ට් 700 එන්ජින් වෙතින් බලගැන්වෙන A330-300 ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් භාවිත වන පුළුල් බඳ සහිත ගුවන් යානා වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම නවතම දෙවැනි A330-300 ගුවන් යානාව භාර ගැනීමෙන් පසු ඉතිරි ගුවන් යානා පහ 2015 වසරේ දී ක්‍රමානුකූලව ලබා ගැනීමට නියමිතය. මෙම ගුවන් යානාවන් හි නවීන ව්‍යාපාර පංතියේ සහ පිරිමැසුම් පංතියේ පහසුකම් අත්විඳීමට ගුවන් මගීන්ට අවස්ථා උදාවනු ඇත. ගුවන් මගීන්ට නවතම පියාසර අත්දැකිමක් ලබාදෙමින් ධාරිතාව වැඩිකරමින් මගීන්ගේ අවශ්‍යතාවන්ට සරිලන සැපයුමක් ලබාදීම,ඈත පෙරදිග ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම ,පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොළවල් වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට බලාපොරොත්තු වේ.
ගුවන් මගීන් 297 සඳහා ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269 ට මෙයින් පහසුකම් සැලසේ. මෙම නව A330-300 ගුවන් යානාව නවීන ගුවන් මැදිරි වලින් සමන්විත ය. මෙම ගුවන් යානාව තුළින් ඇති නවීන තැලස් ඇවන්ට් (Thales Avant Audio-Video on Demand (AVOD)) ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇති අතර මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.
ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ සුඛෝපභෝගී නිදන ආසන , ස්වාභාවික අවස්ථාවන් වන ඉර බැසීම ,ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය මෙයින් උද්දීපනය වී ඇත.එසේම සෑම ගුවන් මගියෙකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා PC විද්‍යුත් සොකට් භාවිතයට හැකියාව, WIFI සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව එක් වූ ගමනක ආශ්වාදය අත්විදගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.
පිරිමැසුම් පංතියේ ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විද ගැනීමේ අවස්ථා උදාවන අතර ශ්‍රව්‍ය ද්‍රශ්‍ය ආසන අවශ්‍යතා,ආසනයේ PC විද්‍යුත් සොකට් භාවිතයට හැකියාව, WIFI සම්බන්ධතාව, ස්වාභාවික අවස්ථාවන් වන ඉර බැසීම ,ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය මෙන්ම ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය අමරණීය ගුවන් ගමනක් එක්කරනු ඇත.
ගුවන් යානා අභ්‍යන්තරWi-Fi සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියානු උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රීලංකන් මෙයින් ඉතිහාසයට එක්වනු ඇත.මෙයින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.
මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ දී නව A330-300 ගුවන් යානාවක් ලබාගැනීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් යානා ප්‍රති ඇණිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. ගුවන් සමාගම A350-900 ගුවන් යානා 8ක් ලබා ගැනීමට නියමිත අතර මෙම ගුවන් යානාවන් අතරින් ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර 2017 වන විට ගුවන් යානා 4ක් ලබාගැනීමට නියමිත ය. අනෙකුත් A350 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට ඉදිරි වසර වලදී එකතු වනු ඇත.වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රීලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.
ඡායාරූප – ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වූ දෙවන A330-300 ගුවන් යානාව.