-ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධිවේගී මාර්ගවල ද මගී ප්‍රවාහන බස් ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩුවනු ඇති බවයි එම කොමිෂන් සභාව මගින් සඳහන් කරනුයේ. ඒ අනුව මහරගම සිට ගාල්ල දක්වා රුපියල් 420 ක් වූ බස් ගාස්තුව රුපියල් 375 දක්වා ද , රුපියල් 500 ක්වූ මහරගම සිට මාතර දක්වා බස් ගාස්තුව රුපියල් 445 දක්වා ද, කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 500 ක්ව පැවති බස් ගාස්තුව මේ මස 1 වැනිදා සිට රුපියල් 460 දක්වා ද අඩුකර ඇති අතර මේ අතර කොළඹ සිට කටුනායක දක්වා මීට පෙර අයකර තිබූ රුපියල් 120 රුපියල් 110 දක්වා අඩුවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කරුණු අවධාරණය කරයි.
![](https://www.ceylonradio.co.uk/wp-content/uploads/2015/02/Southern-Highway-kottawa.jpg)