භික්ෂූන් වහන්සේ උදෙසා සෞඛ්‍ය සම්පන්න දැහැත් විටක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව එම දැහැත්විට හඳුන්වා දීම අද දිනයේ පොළොන්නරුව හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේදී සිදු කෙරෙනු ඇත.
භික්ෂූන් වහන්සේ සඳහා දැහැත්විට පිරිනැමීමේදී පුවක්, හුණු හා දුම්කොළ බහුලව භාවිත කරන බව පෙනී ගොස් ඇති අතර එය උන්වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න භාවයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කරයි.
ඒ අනුව පුරාණ ලංකාවේ භාවිත වූ අයුරින් ඖෂධීය ගුණයෙන් යුත් කුළුබඩු වර්ග යොදා ගනිමින් සකස් කළ දැහැත්විටක් හඳුන්වා දීමට මෙලෙස පියවර ගෙන ඇත.