රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙඩි තබා ඝාතනය කරයි.

0
157

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඇතුළු තිදෙනෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇත.මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිය මිතුරන් පිරිසක් සමග සභාපති හික්කඩුව හෝටලයේ අවස්ථාවක වන අතර වෙඩි වැදීමෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මියගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිවුදෙනකු හෝටලය තුළට පැමිණ ඇති බව ද ඔවුන්ගෙන් කෙනෙකු වෙඩි තබන්නට ඇති බව ද පොලිසිය සැකකරයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.