හොරා පොලිස් ලොක්කා රන්බඩු කොල්ල කා හමාරයි

-ජනාධිපති ආරක්ෂක අංශයේ බව කියමින් වැඩිහිටියන්ගේ රන්බඩු කොල්ලකන කල්ලියක නායකයකු මාළඹේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. ඇතේ මුදු දමා ඇති වැඩිහිටියකු දුටුවිට මෙම කල්ලිය ඔහු ළඟට ගොස් අපේ ලොක්කා තව ටිකකින් පැමිණෙන බැවින් ඔබ පරීක්ෂා කළ යුතුයැයි කියා ත්‍රී රෝද රියකට නංවා ගන්නා බවත් අතේ ඇති මුදල් හා රන්බඩු ළඟ ඇති බෑගයට දමන ලෙස උපදෙස් දෙන බවත් අනාවරණය වී ඇත. පසුව බෑගය ද පරික්ෂා කළ යුතු බව කියන බොරු ආරක්ෂකයන් ටික දුරක් ගොස් එම පුද්ගලයා බස්සවා බෑගය ගෙන යන බවත් කියති. කොළඹ අවට ප්‍රදේශවලින් මෙවැනි පැමිණිලි 60ක් පමණ ලැබී ඇතැයි ද මේ කොල්ලකල්ලියේ හත් දෙනා ම දෙමටගොඩ පදිංචි කරුවන්යැයි ද පොලිසිය පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...