13.3 C
London
Friday, November 14, 2025
spot_img

තිස්සට මාංචු වැටේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ කූඨ ලේඛන සකස් කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරන අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂකව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් සහිත බව පවසමින් ගිවිසුමක් අදාළ මන්ත‍්‍රීවරයා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත. එය අධ්‍යයනය කළ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තියට අනුව කූඨ ලේඛන සකස් කිරීමේ වරදට මොහු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබූ අතර ඒ ඔස්‍‍සේ තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත්බව පොලීසිය වැඩිදුරටත්සදහන් කරයි.

thissa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles