” බෑණාවරුන්ට පිං ! “

තමා සිරගතවූ අවස්ථාවේ අන්තර්ජාල බෑණාවරුන් තමන් ඇපමත නිදහස් කිරීම සම්බන්ධයෙන් පරිගණක ආශ‍්‍රිතව දියත් කළ මෙහෙයුමට තුතිපුදන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු කියා ඇත්තේ බෑණාවරුන් තම දියණිය කෙරෙහි දැක්වූ උනන්දුව නිසාම එම ඇප ලබාගැනීමේ කාර්යය සඵල වීමට තමාට වරමක් ලැබුණ බවයි.

“ඔය බෑණාවරුන්ගේ සංගමය මම දැක්කා ෆේස්බුක් වල වෙනමම පිටුවක් ආරම්භ කරලා තියෙනවා. මම සන්තෝෂවෙන්නේ මාව රඳවපු වෙලාවේ අන්තර්ජාලය හරහා තරුණ පරපුර දක්වපු උනන්දුව ගැන. මොනව වුණත් ඒකෙ හොඳ නරක දෙකම තිබුණා. ඒත් ඒ සියලූ දෙනාට මම ස්තූතිවන්ත වෙනවා“ යයි ඔහු පවසා ඇත.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...