-ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් කළ නියෝගයකට අනුව අද දින ඇප ලබා දෙන ලදී. එහි වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි. ඒ මහතා ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කර ඇත.

