මීළඟ රජය තීරණය කරන්නේ ද්‍රවිඩ සන්ධානය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් මඩකලපුවේ දී කාර්යාලයක් විවෘත කරමින් ප්‍රකාශ කර ඇත. ‘දකුණේ නියම දේශපාලන සන්ධානයට මින්පසු 2/3 බහුතරයක් ලබාගත නොහැකියි. එවිට අනාගත රජය තීරණය කරන්නේ අපියි’ යෑයි ඔහු පවසා තිබේ.
ද්‍රවිඩ සන්ධානයේ විමුක්‌ති කාර්යාලය නමින් එම කාර්යාලය ස්‌ථාපිත කිරීමේ රැස්‌වීමට දායක වූ අඩෙයිකලානන්දන් එසේ ප්‍රකාශ කර ඇත.
ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. ‘විමුක්‌ති කොටින්ගේ සන්නද්ධ සටන නිහඬ කිරීමෙන් පසු වාර්ගික අර්බුදය විසඳීම ද්‍රවිඩ සන්ධානයට පැවරී ඇත. දකුණේ ජාතිවාදීන් දෙමළ ජාතීන්ට කිසිවක් දෙන්නේ නැහැ. ඒ නිසා අපට වෙන්වීමට අනුමැතිය දෙන්න යෑයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබෙනවා.