යුද අපරාධ සිදු කළ අයට දඬුවම් දිය යුතුයි – ටී.එන්.ඒ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුකූලව යුද අපරාධ සිදු කළ බවට තහවුරු වු සියලු දෙනාට නියත වශයෙන් දඩුවම් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සංවිධානය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැප්ලෝඩීක්රේට් මහතාගෙන් ඉල්ලීමක් කැර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වුවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ආණ්ඩුව ආරම්භ කිරීමට නියමිත අභ්‍යන්තර විමර්ශන පිළිබඳ විශ්වාසයක් නැතැයි පැවැසු දෙමළ ජාතික සංවිධානය ලබන සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව එළිදැක්වනු ඇතැයි විශ්වාසය පළකැර සිටින බව ප්‍රකාශ කෙළේය.

වගකීම සහ සුහදත්වය ඇති කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට ආර්. සම්බන්ධන්ගෙන් නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් පෙරේදා (2) සවස කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ හමු වී සාකච්ඡාව කැර ඇත. ආර් .සම්බන්ධන් මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩිකලනාදන්, එම් එම් සුමන්දිරම් යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු මෙම ආණ්ඩුව දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බවට සහතික වී ඇතත් එම වැඩපිළිවළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් දක්නට ඇති බවද උතුරු නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචිකිරීම් සිදු කිරීම, යුද හමුදාව අඩුකිරී, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් කිඩිනම් විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බවට දෙමළ ජාතික සංවිධානය කියා තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...