-කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර ඊයේ දිනයේ ආරම්භ වූ අතර එම පෙරහැරේ අවසන් දිනය අදයි. උඩරට පහතරට නැටුම් කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් ඇතුළු අනෙකුත් සංස්කෘතික අංගවලින් සමන්විත නවම් මහා පෙරහැර ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අරලියගහ මන්දිරය ආශ්‍රිතව වැව වටා සංචාරය කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත අතර ගංගාරාම විහාරාධිපති අධිකරණ සංඝනායක පූජ්‍ය ගලබොඩ සිරි ඥානිස්සර නාහිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුවේ.
