13.5 C
London
Friday, April 25, 2025
spot_img

හතර දෙනෙකුට මරු කැඳවු වැසිකිළි වල

අතහැර දමා තිබූ වැසිකිළි වළක කොන්ක්‍රීට්‌ ලෑල්ල කඩා වැටී වළ තුළට වැටුණ කාන්තාවක්‌ බේරා ගැනීමට උත්සාහ කළ තිදෙනකු හා එම කාන්තාව විෂ වායු ආග්‍රහනය වීමෙන් මියගොස්‌ ඇත.

රඹුක්‌කන, පරපේ, මීදෙණියවත්ත, ප්‍රදේශයේ පදිංචි හතරදෙනෙක්‌ ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ.

මෙසේ මිය ගියේ යූ. ජී, සුනිල් ජයරත්න (52) එච්. ජී. ගාමිණී (44), එම්. ජී. ආනන්ද ප්‍රේමසිරි (39) සහ දිල්පමා හර්ෂනී කුමාරි (34) යන අයයි. මියගිය හර්ෂනී කුමාරි නමැති කාන්තාව වැසිකිළි වළ වසා තිබෙන කොන්ක්‍රීට්‌ ලෑල්ල මත සිටියදී එය කඩා වැටී වැසිකිළි වළට ඇද වැටී ඇති අතර අනෙක්‌ පුද්ගලයන් තිදෙනා ඇය ගොඩ ගැනීමට වැසිකිළි වළ දෙසට නැඹුරුවීමේදී එහි විෂවායුව වැදී සිහිසුන්වී ඇත. පසුව ඔවුන් රඹුක්‌කන රෝහල වෙත රැගෙනවිත් ඇති නමුත් ඔවුන් තිදෙනා සමඟ වැසිකිළි වළට වැටුණු කාන්තාවද මියගොස්‌ ඇත. මෙසේ විෂවායුව වැදුණු තවත් පුද්ගලයන් හය දෙනකු රඹුක්‌කන රෝහලට ඇතුළත් කර ඇත. ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ රෝගියකු කෑගල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles