Thursday , 22 February 2024

දෙන්නම කෝච්චියට පනින්න ඇවිත් – බිරිඳ පැන ගිහින්

දුම්රියට පැන දිවි නසා ගන්නට පැමිණි තරුණ අඹුසැමි යුවළකගෙන් පුරුෂයා පළමුව දුම්රියට පනිනු දුටු බිරිඳ බියට පත්වී පලාගොස්‌ ඇත.

මෙම සිද්ධියෙන් මිය ගොස්‌ ඇත්තේ මුද්දරගම කැප්පෙටිවලාන පදිංචිව සිටි නිහාල් රංජන් නමැති තරුණ විවාහකයෙකි.

විවාහ දිවියේ කිසියම් ප්‍රශ්නයක්‌ මත වෙන්වීම සඳහා දික්‌කසාද නඩුවක්‌ද පවතිද්දී දෙදෙනාම මෙම තීරණය ගෙන වේයන්ගොඩ දුම්රිය පළ අසලට පැමිණ ඇති බවත් පුරුෂයා දුම්රියට පනිනු දැක බියට පත් බිරිඳ මෙසේ පලාගොස්‌ ඇති බවත් පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

වේයන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. කරුණාරත්න මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ කොස්‌තාපල් (55464) නන්දසිරි මහතා පරීක්‍ෂණ පවත්වයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...