12.6 C
London
Thursday, May 15, 2025
spot_img

උඩරට දුම්රිය ධාවනය නිසිපරිදි අද සිට(VIDEO)

බණ්ඩාරවෙල – බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගය අද 21 සිට දින 25 කට පසු යළි දුම්රිය ධාවන කටයුතු ආරමිභ කරනු ලබයි. දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා සඳහන් කරනු ලබන්නේ අද දින සිට නිසි ලෙස නියමිත පරිදි දුම්රිය ධාවනය සිදු කරන බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල විය. දුම්රිය මාර්ගය මතට පසුකඳු කඩාගෙන වැටීම වර්ෂාව ආදිය නිසා මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම අපහසු විය.
එහෙත් එම කාලගුණය මේ වන විට යථා තත්ත්වයකට පත් වීම නිසා නැවතත් මගීන්ට අපහසුතාවයකින් තොරව ගමන් ගැනීමට ඉඩකඩ සැලසෙන බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles