17.1 C
London
Thursday, November 13, 2025
spot_img

Transformer : Age of Extinction මංගල දැක්ම

ලෝකයේ ඉහළම ආදායම් වාර්තා අතරට පැමිණි Transformer චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Transformer : Age of Extinction’ චිත්‍රපටය එළඹෙන 27 වැනි දිනට එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටයේ සමාරම්භක උලෙළ පසුගිය දින ජුනි 19 වැනිදා හොන්කොන්හීදී සහ ජුනි 23 වැනිදා චීනයේ ෂැන්ග්හායිහීදීද පැවැත්විණි. මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන මයිකල් බේ සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයද සහභාගී විය. Transformer චිත්‍රපටයේ රංගනයෙන් දායක වන සියලුම නළු නිළියන් සහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ කණ්ඩායම්ද සහභාගී විය.

එහිදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල් බේ,
“මම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ සිට ඇති සියලුම චරිත සඳහා Transformer අනෙකුත් චිත්‍රපටවල ඇති නළුනිළියන් යොදා නොගත්තේ, මෙම චිත්‍රපටය තුළ නැවුම් බවක් සහ ප්‍රධාන චරිත තුළ කුතුහලයක් ඇති කිරීමට බලාපොරොත්තුවෙන්”යැයි පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles