-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතා රහස් පොලිසියෙන් අද දහවල අත්අඩංගුවට ගෙන ඇත. තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යතුරු පැදියක්, කාරයක් හා ජිප් රථයක් සම්බන්ධ තොරතුරු ලබා දීමට නොහැකි වීම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
