පාසැල් සිසුවෙක් සුනාමි‍යට හසුවෙයි

මිනිපේ පාසැල් සිසුවෙක් කුඹුරේදී සුනාමි යන්ත්‍රයට මැදිවි මියයි

හසලක මොරයාය ප්‍රදේශයේ කුඹුරක ගොයම් කොළ මඩින යන්ත්‍රයක් පන ගැන්වීමේදී සිදු වූ අනතුරක් හේතුවෙන් ළමයෙකු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ වේරගන්තොට ප්‍රදේශයේ පදිංචි අතුරලිය ගමගේ නාමල් මධුසංක ජයවීර (15) වේ. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහියංගනය රෝහලේ දී සිදු කර මොලයට සිදු වූ බරපතල හානිය හා අධික ලෙස මොලයට ලේ ගැලීම හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවට නිගමනය කර දේහය ඥාතින්ට භාර දී ඇත.

හසලක පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි.

tsunami (1) tsunami (2) tsunami

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...