17.1 C
London
Thursday, November 13, 2025
spot_img

මාතර සුනිල්ගේ කෝල් එක ගැන රන්ජන් කථා කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන ඇමතුමක්දී වයසක කටහ~කින් මාතර සුනිල් ලෙස කතා කර පසුගියදා දෙරණ වාද පිටියේ මහින්දානන්ද ඇමතිවරයාට ලෝක හොරෙකු යයි කීම සම්බන්ධයෙන් දැන් කතා පැතිරෙනවා.
මේ ගැන රන්ජන් රාමනායක කුමක් කියන්නේදැයි දැන ගැනීමට ඔහු අමතා මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙසේ කියා ඇත.

ඔබට චෝදනාවක් එල්ල වෙනවා මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී
අපහාස කළ බවට?
අධිකරණයට යන තත්ත්වයක්නෙ දැන් තියෙන්නේ. මං හිතන්නේ දැන් මාතර සුනිල් වගේ ලක්ෂ ගාණක් ලංකාවෙ ඉන්නවා. ඔහු කියලා තියෙන්නේ ජනාධිපතිතුමා ළඟ ෆයිල් තියන්

ඉන්නවා, ඒ ෆයිල් තියෙන පුද්ගලයෙක් මෙතනත් ඉන්නව කියලයි.

ඔහු නමක් කියන්නේ නෑනේ. ඒක අහපු ගමන්ම ඇමතිතුමාට කේන්ති යනවානේ. ඒ කේන්ති ගියේ මාතර සුනිල් එක්කද, ෆයිල් තියෙනවා කියන ජනාධිපතිතුමා එක්කද කියලා අපි දන්නේ නෑ. ඔහු නැගිටලා යනවා. එතන හතරදෙනෙක් ඉන්නවා.

එහෙම ඉද්දී මෙතන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි කියන්නේ. ඒ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා, නම් ගම් එක්ක කඩුවෙල උසාවියේ නඩුවක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මාතර සුනිල් කියන්නේ කවුද කියලා.

එතකොට ඔබතුමා මේකට සම්බන්ධ නැද්ද?

සිම් එකයි ෆෝන් එකයි මගේ කියලා කියනවා. ඒක ඔප්පු කරන්න වෙන්නේ පොලීසිටම තමයි. පරීක්ෂණයකින්ම ඔප්පු වෙයි.

ඔබතුමා කතා කළේම නැද්ද?

ඒක කටහඩ පරීක්ෂණයකින්ම ඔප්පු කර ගනියි. මේක උසාවි යන වැඩක්නේ. ඒක දැන්ම කියන්න අමාරුයි. කොහොමහරි මාතර සුනිල් ඇහුවේ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි සියලූ දෙනා ඒක වෙනුවෙන් පෙනී සිටිනවා.
ඔබතුමා නෙවෙයි කියලද ඔබ කියන්නේ?

ඒක නීතිමය ප්‍රශ්නයක් නිසා දැන්ම කියන්න බෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

(සඳමාලි වික්‍රමආරච්චි)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles