Wednesday , 22 January 2025

මහජනතාවට අතුරු අයවැයෙන් සිදුවන අසාධාරණ දැන්වීමට දුරකථන අංක දෙකක්.

-පාරිභෝගික සේවා අධිකාරිය මඟින් අතුරු අයවැයෙන් මහජනතාවට ලබාදුන් සහන නිසිලෙස නොලැබෙන්නේනම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මහජනතාවට දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් අනාවරණය කරනුයේ කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බුදියුදීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බවයි. 011-2399146 සහ 011-088922 යන දුරකථන අංක දෙක මහජන පැමිණිලි සඳහා හඳුන්වා දෙයි. මහජනතාවට සහනයක් ලෙස මෙම දුරකථන අංක දෙක හඳුන්වා දුන් අතර අතුරු අයවැයේ සහන පිළිබදව යම් ප්‍රශ්න ඇතහොත් ඉහත දුරකථන අංක වලට තොරතුරු දන්වන ලෙස මහජනතාව දැනුවත් කරයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...