ටෙලිනාට්‍යය නිලි උදාරි වර්ණකුලසුරිය විසින් සිය සැමියා උදෙසා ගායනා කරන ලද “දෙනුවන් පියා” ගීතය වෙනත් ගායිකාවක විසින් ගයනා කිරීම හේතුවෙන් එම ගීතය සම්බන්ධව අර්බුධයක් පැන නැගී ඇත.
සම්පත් ප්‍රනාන්දු පුල්ලේ විසින් රන්චනා කරන ලද එම ගීතය සංගීතවත් කරනු ලැබුවේ භාතිය සංතුෂ් ගේ “සරිගම” ආයතනය විසිනි.
එම ගීතය වෙනුවෙන් ඇය රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් “සරිගම” ආයතනය වෙත ගෙවා ඇත. නමුත් එම ගීතය එළිදක්වා වැඩි කලක් යාමට මත්තෙන් උදාරිගේ කිසිදු අවසරයකින් හෝ දැනුවත් කිරීමකින් තොරව ඇයගේ ගීතය උමාරියා සිංහවංශ ලවා නැවත ගයානාකොට එළිදැක්වීමට “සරිගම” ආයතනය කටයුතු කොට ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන උදාරි පවසන්නේ මෙවැන්නකි.
මං ගැයුවා දෙනුවන් පියා කියලා සිංදුවක්. ඔයත් ඒක දකින්න ඇතිනේ. ඒක වීඩියෝව කළේ සිංගප්පූරුවෙ. එම ගීතය මම කිව්වෙ මගෙ සැමියා සුජිත් වෙනුවෙන්. ඒත් එය නිර්මාණය කළ පාර්ශ්වයන් විසින් මටත් නොකියා වෙනත් ගායිකාවක් ලවා ඒක කියවලා.
ඉතින් ඒක මුලින්ම අර ගායිකාවගෙ හඬින් ඇහෙද්දි ඇතැම් අය හිතන්නෙ මම අනුන්ගෙ සිංදුවක් හොරෙන් ගායනා කරලා කියලා.
ඔයා ඒ ගීතය සඳහා නියමිත මුදල් ගෙව්වද?
ඔව්. රුපියල් 75000 ක් ගෙව්වා. ඒත් ලංකවේ ගීතයක අයිතිය තියෙන්නෙ ගැයූ අයට නොව ඒක නිර්මාණය කළ අයටනේ. ඒකනිසා කටපියාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.
ආයෙත් ගීත ගයන එකක් නැතිවෙයිද?
පිස්සු. මං මගෙ අලුත්ම ගීතයේ වැඩ කටයුතු පටන් අරගෙනත් ඉවරයි. ඒක වීඩියෝවකුත් සමඟින්ම අවුට් කරන්නටයි හිතාගෙන ඉන්නේ.
ඒ ගීතයත් ගයන්නේ සැමියාටමද?
නැහැ. ඒක වෙනස්ම ආරකට නිර්මාණය වන්නක්. අසම්මත ප්‍රේමයක් පිළිබඳව සුන්දරව නිර්මාණය කළ ගීතයක් ඒක.
උදාරි ගායනා කරන ගීතය
උමාරි ගායනා කරන ගීතය