හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බවත් ප්‍රතිපත්තිමය තීරණයක් මත තමන් මෙම තීරණය ගත් බවත් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසී ය.
ජාතික හෙළ උරුමය අත්වැල් බැඳගෙන ඉන්නේ රටම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් එක්ක බවද විධායක ජනපති ක්‍රමය දින සියයයෙන් අහෝසි කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළ උරුමයේ හාමුදුරුවන්ට කියන්නේ ඇත්ත නම් එක්සත් ජාතික පක්ෂයට කියන්නේ බොරු බවද, එම පක්ෂයට කියන්නේ ඇත්ත නම් ජාතික හෙළ උරුමයට කියන්නේ බොරු බවද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.
යහපාලනය පිළිබඳව රටතුළ අවංකවම ප්‍රශ්න ඇති බවද, මේ නිසා ඇමති තනතුරු පරිත්‍යාග කර යහපාලනය ගොඩනැඟීමට පොදු විපක්ෂයට එක්වූ බවද, මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ උදය ගම්මන්පිල මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ උදය ගම්මන්පිල මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය.